මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මලයාසියාවේ හිටපු අගමැති මහතීර් මොහමඩ් මැතිතුමා ජනපති හමුවේ

    දෙසැම්බර් 09, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය කලණ මිතුරකු වන මලයාසියාවේ හිටපු අගමැති දොස්තර මහතීර් මොහමඩ් මැතිතුමා අද (09) හමු විය.

    මැලේසියාවේ හතර වැනි ජනාධිපති වරයා ලෙස 1981 ජූලි 16 සිට 2003 ඔක්තෝබර් 31 දක්වා අවුරුදු 22ක් වැනි දීර්ඝ කාලයක් මහතීර් බින් මොහමඩ් (Mahathir bin Mohamad) මැතිතුමා තම ධූරයේ කටයුතු කළ අතර ඔහුගේ දේශපාලන දිවිය වසර 40කින් සමන්විත වේ. මැලේසියාව අද ලබා ඇති සංවර්ධනයට පදනම දමා රට මෙහෙය වූ නියමුවා ලෙස සැලකෙන්නේ එතුමාය.

     

    1974 සිට 1977 දක්වා මැලේසියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද 1978 සිට 1981 දක්වා වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද 1981 සිට 1986 දක්වා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද 1986 සිට 1999 දක්වා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද 2001 සිට 2003 දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස ද මහතීර් මොහමඩ් මැතිතුමා කටයුතු කර තිබේ. 1976 - 1981 කාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය ද දැරූ එතුමා නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ [Non-Aligned Movement (NAM)] 21 වැනි මහ ලේකම්වරයා ලෙස ද 2003 වසරේ දී කටයුතු කළේය.  

     

    මනා අධ්‍යාපනයක් ලබමින් වෛද්‍යවෘත්තියට පිවිසි ඔහු පසුව මැලෙසියාවේ විශාලතම දේශපාලන පක්ෂය වන එක්සත් මැලේ ජාතික සංවිධානයේ [United Malays National Organisation (UMNO)], ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට සම්බන්ධ වී 1964 දී පාර්ලිමේන්තුවට පිවිස තිබේ.  

     

    HC/Photos by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya