මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිල් ගේට්ස් සම්මානයේ ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනපතිට පිළිගන්වයි

    දෙසැම්බර් 09, 2014

    නැණසලට හිමි වූ බිල් ගේට්ස් සම්මානයේ ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (09) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.


    ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් නැණසල ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානය දිනාගෙන මේ වසරේ ලොව විශිෂ්ටතම ග්‍රාමීය තාක්ෂණ ව්‍යාපෘතියට හිමිකම් කීය. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් අධ්‍යාපන ප්‍රවේශ සම්මානය සහ ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් මෙන් ම ඇමරිකානු ඩොලර් 23 ලක්ෂයක් වටිනා මෘදුකාංග ද මෙරටට ලැබුණි.

    මේ අවස්ථාවට සහභාගි වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ ආසියානු හා ශාන්තිකර කලාපයේ සභාපති සෙසර් සෙනුඩාස් මහතා සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නැණසල වැඩසටහන නිසා ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශාල දියුණුවක් ලබා තිබෙන බවත් ඉදිරියටත් තම ආයතනය මෙවැනි ප්‍රදානයන් කිරීමට නොපැකිලිව ඉදිරිපත් වන බවයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන වැඩි කිරීමට ද මයික්‍රොසොෆ්ට් සමාගම අපේක්ෂා කරන බවයි.

    තොරතුරු තාක්ෂණය භාවිත කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඇතුළු විශාල පිරිසකගේ ජීවිත සවිබල ගැන්වීමට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝකයේ සෙසු නායකයන්ට ද ආදර්ශයක් වන බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් මහතා මීට පෙර සම්මානය සඳහා නැණසල ව්‍යාපෘතිය තෝරා ගනිමින් ප්‍රකාශ කළේය.

    නැණසල මධ්‍යස්ථාවල යටිතල පහසුකම් සවිබල ගැන්වීම සඳහා මේ ත්‍යාග මුදල යොදවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පැවසීය.

    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් දේවපුර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya