මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අපි සෞඛ්‍ය සේවාවට අතිවිශාල මුදලක් වැය කළා - ජනපති

    දෙසැම්බර් 09, 2014

    ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා රජය පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාවට අතිවිශාල මුදලක් වැය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේය.

    මෙවර අයවැයෙන්ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට රුපියල් බිලියන 185ක් වෙන් කළ බව පැවසූ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ සියලු පහසුකම් ජනතාවට නොමිලේ ලබා දෙන වෙන කිසිදු රටක් ලෝකයේ නොමැති බවත් පැවසීය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ වාර්ෂික සම්මේලනයට අද (09) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී එක් වෙමිනි.

     

    රටට, සමාජයට අත්‍යාවශ්‍ය ගෞරවනීය සේවයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවාවේ කාර්ය භාරයද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඔවුන්ට අභිමානයෙන් සහ වඩාත් සුරක්ෂිතව තම සේවාව ඉටු කිරීමට අවස්ථාව සළසා දුන්නේ වත්මන් රජය බවද කියා සිටියේ ය.

     

    මේ රටේ සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරීමට ඉදිරියේදීද කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    මෙම පහසුකම් ආරක්ෂා කර ගනිමින් මේ රට ගොඩනැඟීමට සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවද පැවසීය.

     

    පවුල් සෞඛ්‍ය සේවාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටු කරන මෙහෙවර උදෙසා එතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

     

    නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    HC/priu_Pix By : Nalin Hewapthirana

    Government Mid-Wives Annual Convention President Presides 1

     

    Government Mid-Wives Annual Convention President Presides 2

     

    Government Mid-Wives Annual Convention President Presides 3

     

    Government Mid-Wives Annual Convention President Presides 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya