මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජනිස කළුතර දිස්ත්‍රික් ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 23, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කළ විජයග්‍රාහී ජන රැළි මාලාවේ කළුතර දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    කළුතර දිස්ත්‍රික්කයට පැමිණි ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එතුමාගේ ඡායාරූප, බැනර් ප්‍රදර්ශනය කරමින් සහ ජාතික ධජ ලෙළවමින් මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්හ.

    අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අර්ල් ගුණසේකර, එස්.ආර්. මුතුකුමාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විදුර වික්‍රමනායක, ජානක බණ්ඩාර, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pix by Chandana Perera- pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya