මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් ජනපති ආගමික වතාවත්වල

    දෙසැම්බර් 08, 2014

    2015 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.


    නාමයෝජනා ලබා දීමෙන් අනතුරුව පළමුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්මි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.


    උන්වහන්සේ මෙහිදී ආගමික වාතාවත් සිදුකොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අතර එම අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නය ද ජය පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    කැලණිය ජනතාව ද මේ අවස්ථාවට රැස්ව සිටි අතර ඔවුන් මෙහිදී ජනාධිපතිතුමාට උණුසුම් සුබපැතුම් පළ කළහ.

    ඉන් පසු ජනාධිපතිතුමා කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිද විශේෂ ආගමික වතාවත් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ද සහභාගි වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

    කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජය පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    කැලණිය රජමහා විහාරස්ථානය වෙත ද අති විශාල ජන්‍තාවක් රැස්ව සිටියහ. ඔවුන් ජනාධිපතිතුමා වෙත සුබපැතුම් පිරිනමමින් එතුමා සමඟ සුහද කතාබහක නිරත වූහ.

    අනතුරුව කැලණිය ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය වෙත ද ගිය ජනාධිපතිතුමා එහි පැවති විශේෂ ආශිර්වාද පූජාවට ද සහභාගි විය.

    විෂ්ණු දේවාලය වෙත යන මග දෙපස ද අති විශාල ජනතාවක් රැස්ව ජනාධිපතිතුමාට සුබපතන්නට වූහ.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මර්වින් සිල්වා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සරණ ගුණවර්ධන, ඩුලිප් ගුණවර්ධන, එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරු ඇතුළු අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

     

    03

     

    04

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya