නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විජයග්‍රහණයට ජාතික කොංග්‍රසයත් එක් වේ

    දෙසැම්බර් 07, 2014

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ජාතික කොංග්‍රසය පවසයි.

    එහි නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළහ.

     

    ඒ වනවිට ඒකාබද්ධව පැවති උතුරු නැඟෙනහිර පළාත් වෙන් කර රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම 2005 ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ ප්‍රධාන ඉල්ලීම වූ බව මෙහිදී පෙන්වා දුන් මෙම පිරිස වසර 03ක් ගතවීමට මත්තෙන් එම ඉල්ලීම අකුරට ම ඉටුකිරීමට ජනාධිපතිතුමා සමත් වූ බව ද කියා සිටියහ.

     

    මේ රට සංවර්ධනය කරා ගෙන යාමට එතුමා දැන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහය දැක්වීම සියලු දෙනාගේ වගකීමක් බවත් තම පක්ෂය සැමදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ රැඳී සිටින බවත් ඔවුහු අවධාරණය කළහ.

     

    නැඟෙනහිර පළාත් අමාත්‍ය එම්. උදුමාලෙබ්බේ, පළාත් සභා මන්ත්‍රී එම්.එල්.ඒ. අමීර් යන මහත්වරුන් ඇතුළු ජාතික කොංග්‍රසයේ නියෝජිත පිරිසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/pmu_Pix By : Udesh Gunarathna

    National Congress Pledge Support to the President

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya