මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 04, 2014

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි


    මෙහි උත්සව සභාව ආබාධ සහිත දරුවන්ගේ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූහ.

    2014 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් ආබාධිත සිසුන් අතුරින් වැඩි ම ලකුණු ලබා ගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.එම්. සුපුන් බණ්ඩාර සිසුවා වෙත ත්‍යාග ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණුව අවසන් කළ සිසුන්ට උපකරණ කට්ටල ප්‍රදානයත් ආබාධ සහිත පුද්ගලයන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව නිපැයුම් කරන ලද නව නිපැයුම්කරුවන් ඇගයීමත් මේ අවස්ථාවේ සිදු කෙරිණි.

    සීදුව වෘත්තීය පුහුණු ආයතනයෙන් නිපදවන ලද පාවහන් යුගලක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, අමාත්‍යාංශ ලේකම් ඉමෙල්ඩා සුකුමාර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pmu_pix by Sudath Silva

    01

     

    06

     

    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya