මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සාමාන්‍ය ජනතාවගේ රන් භාණ්ඩ යළි එම ජනතාවට භාරදීම ජනපති අතින්

    දෙසැම්බර් 04, 2014

    මානුෂීය මෙහෙයුම පැවති කාල සීමාවේදී උතුරේ විවිධ ප්‍රදේශවල තිබී යුද හමුදාව විසින් සොයා ගන්නා ලද රන් භාණ්ඩ යළි ඒවායේ හිමිකරුවන්ට භාරදීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන ප්‍රදේශවලින් මේ රන් භාණ්ඩ සොයා ගන්නා ලද අතර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් උතුරේ සාමාන්‍ය ජනතාවගෙන් පැහැර ගන්නා ලද රන් භාණ්ඩ මෙන් ම ජනතාව විසින් එල්.ටී.ටී.ඊ  බැංකුවල අධික පොළී යටතේ උකසට තබා සින්න වූ රන් භාණ්ඩ ද ඒ අතර වේ. හිමිකාරිත්වය තහවුරු කර ගත් පුද්ගලයන් 2,379 දෙනෙකුට මේ රන් භාණ්ඩ භාරදීම සිදු විය.

    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දායා රත්නායක මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Sudath Silva

    03

     

    04

     

    09

     

    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya