මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය මහා සඟ රුවනින් ජනපතිට ආශිර්වාද

    දෙසැම්බර් 04, 2014
    රට බේරාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අනාගත පරපුර වෙනුවෙන් මේ රට තවදුරටත් ගොඩනැගීමට නැවත වරක් ජනාධිපති ධූරයට පත් විය යුතු බව ඇඹිලිපිටියේ මහා සංඝරත්නය අවධාරණය කරති.
     
    ඇඹිලිපිටිය මහජන පොළ ජනතා අයිතියට පවරාදීමට ඊයේ (03) පෙරවරුවේ එම ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එම විහාරස්ථානය වෙත වැඩම කර සිටි කොළොන්න, උඩවලව සහ ඇඹිලිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා, ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් මේ බව ප‍්‍රකාශ කළහ.
     
    විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව එහි විහාරාධිපති පූජ්‍ය තණමල්විල ඥානරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.
     
    අනතුරුව එහි වැඩම කර සිටි කොළොන්න, උඩවලව සහ ඇඹිලිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින්වහන්සේලා බැහැ දුටු ජනාධිපතිතුමා, උන්වහන්සේලා සමඟ ද සුහද කතා බහක නිරත විය.
     
    අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච් මහත්මිය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනී රෝහණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ප‍්‍රදේශවාසී ජනතාව ද විශාල පිරිසක් විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර ඔවුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya