මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

    දෙසැම්බර් 03, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (02) පස්වරුවේ කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.


    පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ඒ අභියස පැවති ආශිර්වාද පූජාවකට ද සහභාගි විය.

    අනතුරුව කතරගම මහා දේවාලය වෙත ගොස් එහි පැවති විශේෂ පූජාවට සහභාගි වී ආශිර්වාද ලබා ගත් අතර දේවාල පරිශ්‍රයේ ඇති සෙසු දේවාල වෙත මෙන් ම මුස්ලිම් පල්ලිය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

    කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

    ජනාධිපතිතුමා කතරගම පුදබිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණි සොයිසා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    061

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya