මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පුලිනතලාරාමයේ බුද්ධ මන්දිරය හා දහම් පාසල් ගොඩනැගිල්ල ජනපති සුරතින් විවෘත කෙරේ

    දෙසැම්බර් 03, 2014
    අහුන්ගල්ල ශ්‍රී පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද අනු නායක හිමිපාණන් වහන්සේගේ 65වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයෙන් අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය හා දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සිදු කෙරිණි.
     
    එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් හි නිරත ව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කරමින් අභිනව බුද්ධ මන්දිරය සහ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කළේය.
     
    අභිනව බුද්ධ මන්දිරය වෙත ප්‍රථම මල් පූජව ද ජනාධිපතිතුමා විසින් සිදු කරන ලදී.
     
    ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර ඔවුන් සමඟ සුහදව කතා කොට ඔවුන්ගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     
    DB/Pix by : Nishanka de Silva
     
    he ahungalla 2
     
    he ahungalla 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya