අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය යටතේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බඳවා ගැනීම් විශාල ලෙස ඉහළ දමා තිබෙනවා - ජනපති

    නොවැම්බර් 11, 2014

    ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට 130ක් ව පවතින හෙද නිලධාරී සංඛ්‍යාව 2013 -2017 ජාතික සෞඛ්‍ය සැලැස්ම යටතේ ලක්ෂයකට 160 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    වත්මන් රජය බලයට පත්වූවායින් පසුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බඳවා ගැනීම් විශාල ලෙස ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අලුතින් ක්ෂේත‍්‍රයට බඳවා ගන්නා පිරිස් පුහුණු කිරීමට පමණක් රුපියල් බිලියන 4.5ක මුදලක් රජය වැය කරන බව ද පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හෙද සේවාව සඳහා පුහුණු හෙද සිසු සිසුවියන් 5,000ක් බඳවා ගැනීමට අද (11) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමිනි.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධනය තුළින් කාර්යක්ෂම හා විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් සිදු කෙරුණු අතර හෙද සේවාව සඳහා එකවර හෙද සිසු සිසුවියන් පන්දහසක් පුහුණුවට බඳවාගත් ප‍්‍රථම අවස්ථාවද මෙයයි.

    රෝගී සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ගුණාත්මක බවින් යුතු හෙද සේවාවක් ඇති කිරීමේ අරමුණ ඇති ව හෙද නිලධාරීන්ගේ ප‍්‍රමාණය ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවක් බව තේරුම් ගත් වර්තමාන රජය 2005 වන විට 15,000ක් වූ හෙද නිලධාරීන් සංඛ්‍යාව 2014 වන විට 30,547 දක්වා වර්ධනය කිරීමට පියවර ගත්තේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ රටේ හෙද ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට වත්මන් රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ බවයි.

    පුහුණුවට බඳවා ගන්නා හෙද සිසු සිසුවියන් හට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා හෙද අභ්‍යාස විද්‍යාල 18ක් මේ වන විට ලංකාව පුරා ඉදිකර ඇති අතර රුපියල් මිලියන 200ක මුදලක් මේ වන විට සියලු හෙද විදුහල් සඳහා ලබා දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/priu

    01

     

    04

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya