අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනූ දේශය සුරකින්නට අප සැම කැපවිය යුතුයි - ජනපති

    නොවැම්බර් 11, 2014

    මෙරට දී පරාජය කෙරුණු ත‍්‍රස්තවාදය තවමත් පිටරටවල හොල්මන් කරමින් සිටියත් තවත් ඉරාකයක්, ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක් හෝ ඊජිප්තුවක් වීමට අප රටට අවශ්‍ය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.


    එවැනි තත්ත්වයකට අප රට පත් කිරීමට කිසිවෙකුටත් ඉඩ තැබිය නොහැකි බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා දිනූ දේශය සුරකින්නට අප සැම කැපවිය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවක් අමතමිනි. දිවයිනම නියෝජනය කරමින් පැමිණි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ ගොවිජන සේවා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියහ.

    මහින්ද චින්තනයේ සඳහන් කෘෂිකර්ම ප‍්‍රතිපත්ති ගොවි ජනතාව වෙත රැගෙන යාමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා ගොවි ජන සේවා නිලධාරීන් ඉටුකරන කාර්යභාරය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් සිදු කළේ අමතක වූ උරුමය නැවත මතු කිරීම බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද අපට කෘෂිකර්මාන්තයේ යෝධ පිම්මක් ඉදිරියට තැබීමට හැකියාව ලැබී තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

    මහ පොළොවේ සාරවත් බව සහ රටේ කෘෂිකර්ම ප‍්‍රතිපත්ති පිළිබඳ අද ජනතාව තුළ මහත් විශ්වසයක් ගොඩනැගී ඇති බව පැවසූ ජනාධිපතිතුමා මුළු ලෝකයට ම සාගතයක් පැමිණියත් අපට එයින් බලපෑමක් සිදුනොවන බව ද ප‍්‍රකාශ කළේය.

    කෘෂිකර්මන්තයෙන් මේ රට ගොඩ නැගීමට වත්මන් රජය කටයුතු නොකළා නම් විදේශ රටවල් හමුවේ දණින් වැටී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ද අපට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයෙන් රට සශී‍්‍රක කර අපේ උරුමය යළි ගොඩනගා ගත් අපට යළිත් කිසිවෙකු ඉදිරියේ දණින් වැටීමට අවශ්‍ය නොවන බව ද අවධාරණය කළේය.

    මෙරට කෘෂිකර්මන්තය නංවාලමින් ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර උදෙසා ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya