අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රණාම

    නොවැම්බර් 11, 2014
    ලබාදුන් යෝජනාවලින් 80%ක්ම අයවැයට ඇතුළත් කොට මෙවර අයවැයෙන් වාහන ආනයනකරුවන්ට ලබාදුන් සහන පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය ප්‍රණාමය පුද කරයි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අතර සුහද හමුවක් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුන් මේ බව ප්‍රකාශ කළහ.
     
    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සාමාජිකයන් 250දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්ව සිටි අතර රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ගොඩනැගීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට තම උපරිම සහය පළ කරන බවද ඔවුහු මෙහිදී පැවසූහ.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රජයේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සමඟ අද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ ගොස් ඇති බවයි.
     
    අද සෑම පුද්ගලයෙකුගේ ම ආදායම් මාර්ග ද ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවා ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    Meets Members of Vehicle Importers
     
     
    Meets Members of Vehicle Importers 2
     
    Meets Members of Vehicle Importers 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya