අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපතිතුමාට කිසි ම බාධාවක් නෑ - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි

    නොවැම්බර් 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී තරග කිරීමට කිසිදු ව්‍යවස්ථානුකූල බාධාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමති ව තීරණය කර ඇතැයි සභානායක, වාරිමාර්ග හා ජල සම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති ඒකමතික තීරණයට අනුව තෙවන වරටත් ජනාධිපතිවරණයක් කැඳවීම ප්‍රකාශයට පත් කිරීමට, ජනාධිපතිවරණයට තරග කිරීමට හා යළිත් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමට ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අයිතිය තිබෙන බව ද වත්මන් ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාර ව එතුමාට ඒ සඳහා කිසිදු ආකාරයක බාධාවක් නොමැති බව ද සභානායකවරයා පාර්ලිමේන්තු සභාව හමුවේ සඳහන් කළේය.

     

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත යවන ලද තීන්දු ප්‍රකාශයේ පිටපතක් නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුව හමුවේ කියවමින් එම කරුණු සභාගත කළේය.

     

    එහි සඳහන් පරිදි

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ)(i)  වන ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලය  ක්‍රියාත්මක කරමින්, තවත් වාරයක් සඳහා තෝරාපත්වීමට, මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධකයක් වර්තමාන ජනාධිපතිවරයාට නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්  එම බලය ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් සඳහා ඉදිරිපත් වීමට හැකි බවත්, ඒකමතිකව තීරණය කර ඇත.
     

    31.(3අ)(අ)(i) මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් ව ඇතද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරාපත් කර ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය, තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේය.   

     

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya