මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම ව්‍යාපෘතියකින් ම මිල කළ නොහැකි වටිනාකමක් ලබාදුන්නා

    නොවැම්බර් 10, 2014
    සෑම සංවර්ධන ව්‍යාපෘතියකින් ම රටට වටිනාකමක් එක් කරමින් මේ රටේ වටිනාකම වැඩිකිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    අද නගරයේ පහසුකම් ගමට ද ගෙනවිත් තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිතුමා මහාමාර්ග, වරාය, ගුවන්තොටුපොළ ඇතුළු සියලු සංවර්ධන ව්‍යාපෘති තුළින් රටට ලැබී ඇත්තේ මිල කළ නොහැකි වටිනාකමක් බවද පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ තැපැල්කරුවන් සමඟ ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති හමුව අමතමිනි.
     
    රජය කුමන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුවද කොමිස් ගහන බවට චෝදනා කිරීම අද විපක්ෂයේ සිරිත වී ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා රට ලබා ඇති දියුණුව දකින, රටට ආදරය කරන කිසිවෙකුට එසේ චෝදනා කළ නොහැකි බවද 
    කියා සිටියේය. 
     
    රට දියුණු කිරීමට නම් ආණ්ඩුවකට ස්ථාවරත්වයක් තිබිය යුතු බව පැවසු ජනාධිපතිතුමා එදා පනතක්වත් සම්මත කරගැනීමට නොහැකි ව ළතැවුණු ආණ්ඩු, රට, ජාතිය පාවා දී හෝ තම බලය රැකගැනීමට උත්සාහ කළ අයුරු ද සිහිපත් කළේය. 
     
    එවැනි තත්ත්වයක් යළි රට තුළ ඇති කළ නොහැක. රටක් ජාතියක් වෙනුවෙන් තම යුතුකම් ඉටුකරමින් අනාගත පරපුර වෙනුවෙන් මේ රට ගොඩනැඟීමට එක්වන ලෙස ද ජනාධිපතිතුමා සියලු දෙනාට කියා සිටියේය.
     
    රජයේ ඇතැම් ආයතනවලින් ලාභ නොලැබුණොත් ඒවායින් සිදුවන සේවය ජනතා සේවයක් සේ සලකා එම ආයතන ඉදිරියට ම ගෙන යාමට රජය කැපවී සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    සියවස් දෙකකට වඩා පැරණි තැපැල් ඉතිහාසයේ එකවර අති විශාල පිරිසක් බඳවාගත් පළමු අවස්ථාව සනිටුහන් කරමින් තැපෑලට එකවර 1086 දෙනෙකු බඳවා ගත්තේ වත්මන් රජය බවද පැවසූ ජනාධිපතිතුමා ඉදිරියේ දී තවත් 500 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙන බවද සඳහන් කළේය.
     
    තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya