මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා තැපැල්කරුවන් අතර හමුවක්

    නොවැම්බර් 09, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා තැපැල්කරුවන් අතර හමුවක් අද (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    තැපැල් සේවාවේ ස්වර්ණමය යුගය උදා කිරීමට ජනාධිපතිතුමා දැක්වූ දායකත්වය අගයමින් මෙහිදී එතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.

    විශ්ව තැපැල් සංගමය විසින් වාර්ෂික ව පවත්වනු ලබන ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරගයෙන් 2014 වසරේ දී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත් මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ කේ.කේ. නෙත්මි සංජනා ගුණසේකර ශිෂ්‍යාව සඳහා ත්‍යාග ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර 50 තුළ නිකුත් කරන ලද මුද්දර 450ට වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ විවිධ කලා නිර්මාණ විදහා දක්වන චිත්‍ර 136කින් සමන්විත ශ්‍රී ලංකේය අනන්‍යතාව සුරකිමින් නිර්මාණය කරන ලද SRI LANKA THROUGH THE EYES OF A PHILATELIST    මුද්දර පොත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මේ අවස්ථාවට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    tapa1

     

    tapal 2

     

    tapal

     

    tapal 3

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya