අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්‍ෂතාව, හැකියාව පෙන්වා ඉදිරියට යන්න

    මාර්තු 22, 2014

    නිලතල, බලතල ලබා ගැනීම සඳහා අනුන්ගේ ජීවිත විනාශ නොකර තමන්ගේ දක්‍ෂතාව, හැකියාව පෙන්වා ඉදිරියට යන්න හැකිනම් එය නිහතමානී, අවංක ජයග‍්‍රහණයක් වනු ඇතැයි පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

    මේ යන ගමනේදී විවිධ දෙසින් විවිධ චෝදනා, අපවාද, අවලාද, පැමිණේවි. එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔබ සතුවිය යුතුයි. එවිට ඔබට චෝදනා, අපවාද, අවලාද නැගූ පිරිස් ඔබේ ජයග‍්‍රහණයත් සමඟ ඔබ වටා රොක්වනු ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේ පසුගියදා හඟුරන්කෙත දියතිලක මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර මලල කී‍්‍රඩා උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසට එක්වෙමිනි.

    1948 සිට විවිධ ආණ්ඩු රට පාලනය කලා. ඒ ඒ රජයන් විවිධ අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරන ගෙන ආවා. එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය ඉදිරිපත් කල ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් නිවැරදි අධ්‍යාපනික මාවතක් රටට උදාකර දී ඇත. එය රටේ සුභවාදී පෙර දැක්මකි. ඉතිහාසයේ පෙර නොවු විරු ලෙසට අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කි‍්‍රයාකර ඇත. මෙහි අරමුණ රටේ සංවර්ධනයට දායකවිය හැකි දරු පරපුරක් නිර්මාණය කිරීමයි. යහපත් පුරවැසියෙකු රටට දායද කිරීම මිල මුදලට ගත නොහැක්කකි. එබැවින් රට දිනන හෙට දිනට උචිත දරුවකු ලොවට දායාද කිරීම ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේද යුතුකම බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya