මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව පිහිනුම් තටාකය ජනපති අතින් සිසු අයිතියට

    මාර්තු 21, 2014

    රුපියල් ලක්ෂ 101ක වියදමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ඉදිකෙරුණු නව පිහිනුම් තටාකය අද (21) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. 2012 වර්ෂයේ පැවති 21වැනි අන්තර්ජාතික චිත්‍ර තරඟයෙන් රටවල් 100 ක් අතුරින් පස්වන ස්ථානයට පැමිණි කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ භාග්‍ය මධුෂාන් හපුගොඩ සිසුවාට කුසලතා සහතිකයක්ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර දිනය වෙනුවෙන් හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා මෙම කුසලතා සහතිකය ප්‍රදානය කිරීම සිදුවිය.


    එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සුපසන් ගුරු පවුර ජීවිත සමූහ රක්ෂණාවරණය යටතේ පළමු ප්‍රතිලාභ මුදල වන රුපියල් ලක්ෂ පහක මුදලක් ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුවිය. එම මුදල හෝකන්දර ඇවරිහේන විද්‍යාලෝක විද්‍යාලයේ සේවය කරමින් සිට අභාවප්‍රාප්ත වූ එච්. කේ. ඩී. ආර්. ප්‍රියංවදා මහත්මිය වෙනුවෙන් ඇයගේ සැමියා වන ඩබ්. එම්. ප්‍රේමලාල් මහතාට පිරිනැමුණි.

    අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන , නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

    SP/PMU

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya