අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට එක් ප්‍රශ්නපත්‍රයක්

    නොවැම්බර් 04, 2014

    පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්නපත්‍ර දෙකක් වෙනුවට එක් ප්‍රශ්නපත්‍රයක් ලබා දීමට පියවර ගෙන ඇත්තේ මේ විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන පීඩනය අඩු කිරිමට බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    රජය මෙවැනි තීරණයක් ගත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අධ්‍යාපනඥයන්ගේ නිර්දේශ මත බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා පහේ ශිෂ්‍යත්ව දීමනාව මෙවර අයවැයෙන් රුපියල් 500 සිට 1500 දක්වා කළ වැඩිවීම 300%ක් බව ද කීය.

     

    සිව් දෙනෙකුගෙන් යුතු පවුලකට මාසිකව රුපියල් 50,000ක් අවශ්‍ය බවට රජය හෝ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කවරදාක වත් ප්‍රකාශ කර නැති බවත් කීය.

     

    මෙවැනි වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා පහේ ශිෂ්‍යත්ව දීමනාව වැඩිකිරීම මෙයට පෙර කිසිදු රජයක් සිදු කර නොමැති බව ද අවධාරණය කළේ ය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya