අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සමූපකාර රක්ෂණ මන්දිරය ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 03, 2014

    සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිල්ල වන සමූපකාර රක්ෂණ මන්දිරය අද (03) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.


    කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් හි අංක 74/5 දරන ස්ථානයේ පිහිටි සිව්මහල් සමූපකාර රක්ෂණ මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. සමූපකාර සේවාවට කළ මෙහෙවර අගයා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රක්ෂණ සමාගමේ සභාපති ඩබ්. ලලිත් ඒ. පීරිස් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    he samupa 2

     

    he samupa 3

     

    he samupa 4

     

    he samupa 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya