අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනමට ලැබුණු පාපැදි සම්බන්ධයෙන් රේගුවට බලපෑම් කළේ නෑ

    නොවැම්බර් 04, 2014

    පරිත්‍යාගයක් ලෙස ජපානයෙන් ලැබුණු, භාවිත කළ පාපැදි 200 මුදා ගැනීම සඳහා තමා කිසිම අවස්ථාවක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හෝ වෙනත් රේගු නිලධාරියෙකුට පෞද්ගලිකව කතා නොකළ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

    අදාළ පාපැදි තොගය ලංකාවට ලැබෙන අවස්ථාවේ තමන් මෙරට නොසිටි බවත් මේ භාණ්ඩ නිෂ්කාෂණය කර ගැනීමට අදාළ ව පළ වූ ඇතැම් වාර්තා අසත්‍ය ඒවා බවත් මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී අනුගමනය කරන පිළිවෙත්, සම්මත ක්‍රමවේද නිවැරදි ආකාරයට අනුගමනය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සුබසාධන සංවිධානයක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනමට මේ පාපැදි තොගය ලැබී ඇති බව කී ඔහු මෙම භාණ්ඩ මුදා ගැනීම පිළිබඳ ව අසත්‍ය පුවත් පළ කර ජනතාව තුළ තමන් කෙරෙහි වැරදි චිත්‍රයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya