අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් කිසිම පැමිණිල්ලක් කර නෑ

    නොවැම්බර් 04, 2014

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වන බවට හෝ ලිංගික අල්ලස්වලට ගොදුරු වන බවට කිසිම ක්‍රීඩිකාවක් මේ දක්වා අදාළ අංශයකට පැමිණිලි කර නැති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී පසුගිය 30දා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාව කල් තැබූ අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවකට පිළිතුරු දෙමිනි.

    මෙවැනි සිද්ධීන් සිදු වී ඇති බව පළ වී ඇති වාර්තා හා තොරතුරු පිළිබඳ සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමට තමා පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

    යම් ක්‍රිකට් ක්‍රීඩිකාවක් මෙවැනි ගැටලුවකට ලක් වූවා නම් ඒ පිළිබඳ ව කණ්ඩායමේ කළමනාකරුට, පුහුණුකරුට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට පැමිණිලි කළ හැකි ව තිබූ බව ද අමාත්‍යවරයා කීය.

    විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ව කරුණු සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බවත් එම කොමිසමේ වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya