අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන - කොරියානු විශේෂ නියෝජිත කියයි

    අප්‍රේල් 22, 2014

    ගැටුම් අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාව හැම අතින්ම විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන ඇතැයි කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත සහ හිටපු විදේශ අමාත්‍ය යු මියුන්ග්-හ්වාන් (Yu Myung Hwan) මහතා ඊයේ (21) සවස අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ පැවසීය.


    “හිටපු එල්.ටී.ටී.ඊ. සෙබළුන් යළි සමාජගත කිරීම සහ අභ්‍යන්තරික අවතැන් වූ පුද්ගලයින් ඉතා ඉක්මණින් යළි පදිංචි කිරීම” පශ්චාත් ගැටුම් සමයේ රට අත්කර ගෙන ඇති ප‍්‍රගතියට නිදසුන් දෙකක් ලෙස මියුන්ග්-හ්වාන් මහතා විසින් සඳහන් කරනු ලැබීය. ප‍්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම ගැනත්, අතුරුදන් පුද්ගලයින් පිළිබඳ ජනාධිපති කොමිසම ස්ථාපනය ගැනත් රජයට ප‍්‍රසාදය හිමි විය යුතු යැයි ඔහු පැවසීය.


    ඉදිරියට ගත යුතු පියවර සලකා බැලීම සඳහා තමා කොමිසමේ වාර්තාව අපේක්‍ෂාවෙන් සිටින බව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා කීය. උතුරු පළාතේ චාරිකා කරන්නැයි ජනාධිපතිතුමා කොරියානු විශේෂ නියෝජිතයා දිරි ගැන්වීය.


    “සංවර්ධනයේ දී අපි දකුණට වැඩි ප‍්‍රමුඛත්වයක් උතුරට දුන්නා. ඔබ ඒ ප‍්‍රදේශයට ගොස් එහි සංවර්ධනය දැක බලා ගැනීම වැදගත්”, ජනාධිපතිතුමා පැවසීය.


    ශ‍්‍රී ලංකාව සමග සහයෝගය සහ ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පවත්වා ගැනීම සඳහා තම රජයේ කැපවීම මියුන්ග්-හ්වාන් මහතා යළි සපථ කළේය. “සංවර්ධනය සඳහා ඔබේ රජයට උපරිම උපකාරය කිරීමට අප සූදානම්”, ඔහු කීය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.


    HC/NP_IMU_Pix By : Nishanka de Silva

    Korean Envoy Meets President Rajapaksa 1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya