මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවි ශ්‍රී පුර පලුගහවංගුව මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ඔක්තෝබර් 31, 2014
    පදවි ශ්‍රී පුර, පලුගහවංගුව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පසුගිය දින සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්,නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සමන්විතය.
     
    විද්‍යාගාර සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. 
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබුදුල් නජීඩ් මජීඩ් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE PADAVI LAB 1
     
     
    HE PADAVI LAB 2
     
    HE PADAVI LAB 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya