මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ඇණවුම් කරන්නේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසුව

    ඔක්තෝබර් 30, 2014

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවත් විදේශීය සමාගම් මඟින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසු ඖෂධ ඇණවුම් කරන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ඖෂධ කිසිවක් අපතේ නොයන අතර ඖෂධ හිඟයක් ද නොපවතී. ඖෂධ ආනයන ආයතන ලියාපදිංචි කර ගිවිසුම් ගසා ඇති අතර යම් අවස්ථාවක ප්‍රමිතියෙන් තොර ඖෂධ තිබේනම් එම ගිවිසුම් අවලංගු කරන බවත් ආයතන අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය. ඇතැම් ආයතන මඟින් නැවත මුදල් අය කර ගන්නා බවත් ඖෂධ ගෙන්වීම පිළිබඳ සෞඛය අමාත්‍යාංශය නියාමනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya