මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙල්ගම් රජ මහා විහාරයේ අභිනව විහාර මන්දිරයට ප්‍රථම මල් පූජාව ජනපතිගෙන්

    ඔක්තෝබර් 30, 2014
    ත්‍රීකුණාමලය වෙල්ගම් රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරයට ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (29) සිදු විය.
     
    නැඟෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩ බඳු වු ත්‍රීකුණාමලයේ වෙල්ගම රජ මහා විහාරය දශක තුනක් පැවැති කොටි ත්‍රස්තවාදීන්ගේ සැහැසි ක්‍රියාකාරකම්වලට නිරතුරුව ම ලක් විය.
     
    විහාර භූමිය අවය පදිංචි සිංහල ගම්වාසීන් පමණක් නො ව ත්‍රස්තවාදීන්ගෙන් දිවි හිමියෙන් මෙම විහාරය රැකගත් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස නායක හිමිපාණන් වහන්සේට ද ත්‍රස්තවාදීන් බරපතළ තුවාල සිදු කළ අතර ප්‍රදේශවාසීන්ද ඝාතනයට ලක් විණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කර දැමීමත් සමඟ විනාශ වී ගිය විහාරස්ථානය නැවත ගොඩනැඟීමට ද විහාරාධිපති හිමියන් දැඩි කැපවීමකින් කටයුතු කළහ.
     
    ඒ අනුව රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකළ නව විහාර මන්දිරය මෙලෙස විවෘත කෙරිණි.
     
    විහාරාධිපති අමරපුර මහා නිකායේ නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක ද නිරත විය.
     
    වෙල්ගම් වෙහෙර ග්‍රාම සේවා වසමේ ජනතාවට ද ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE TRINCO WELGAMA TEMPLE 1
     
     
    HE TRINCO WELGAMA TEMPLE 2
     
    HE TRINCO WELGAMA TEMPLE 3
     
    HE TRINCO WELGAMA TEMPLE 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya