මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුච්චවේලි ප්‍රාදේශීය සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට

    ඔක්තෝබර් 29, 2014
    කුච්චවේලි ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (29) ජනතා අයිතියට පැවරිණි.
     
    රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකළ නව ගොඩනැගිල්ල පරිපාලන සංකීර්ණයකින්, ශ්‍රවණාගාරයකින් හා ප්‍රාදේශීය සභා ශාලාවකින් ද සමන්විතය.
     
    සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට ද උපරිම පහසුකම් සලසමින් අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස මෙය ඉදිකොට ඇත.
     
    සමරු ඵලකය නිරාවරණය කොට ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්, නැඟෙනහිර පළාත් සභාවේ සභාපති ආරියවතී ගලප්පත්ති, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති මුඛරාක් මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    HE kucchaweli 1
     
     
    HE kucchaweli 2
     
    HE kucchaweli 3
     
    HE kucchaweli 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya