මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑමට ලක් වූ පිරිස කඩිනමින් මුදා ගන්න - ජනපති

    ඔක්තෝබර් 29, 2014
    බදුල්ල, හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටබත්ම, මීරියබැද්ද ගම්මානයේ අද (29) උදෑසන සිදු වූ නායයෑමෙන් අනතුරට ලක් ව, සුන්බුන් අතර සිර වී සිටින පිරිස හැකි ඉක්මණින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
     
    අදාළ නාය යෑමෙන් වතු නිවාස 70කට ආසන්න ප‍්‍රමාණයක් මඩ සහිත පස්වලින් යට වී පවතින බවත් මේ වන විට මරණ 06ක් සිදුව ඇති බවත් පූර්ණ නිවාස හානි 150ක් ද, නිල නිවාස 2කට ද හානි සිදු ව ඇති බව වාර්තා වේ.
     
    අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තාවන්ට අනුව අතුරුදහන් වුවන් 300 පමණ ආරක්ෂක අංශවල සහය ඇති ව සොයා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.
     
    විපතට පත්වුවන් මුදා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව ඇතුළු සහන සේවකයන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර මෙම ස්ථානය තවමත් නාය යෑමට ලක්වෙමින් තිබෙන බවද වාර්තා වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya