මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුවෙන් වසර තුනක දී මිලියන 4007ක ප්‍රදාන ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 29, 2014

    2011, 2012 හා 2013 වසරවල ලෝක බැංකුව මෙරටට ලබා දෙන ලද මුළු ප්‍රදානවල වටිනාකම රුපියල් මිලියන 4007ක් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එම වර්ෂවල ශ්‍රී ලංකාවට ලබා දෙන ලද මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 84,185කි. මෙහි ප්‍රදානයන් සඳහා පොලී අය නොකෙරේ. මෙසේ ප්‍රදාන ලබා දෙන ලද ව්‍යාපෘති  වන්නේ උතුරු පළාතේ ප්‍රාදේශීය මට්ටමේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතිය, උතුරු හා නැගෙනහිර ජල සම්පාදනය, සනීපාරක්ෂක හා ස්වස්ථතා නියාමක ව්‍යාපෘතිය, දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය, මළාපවහන සේවාව සඳහා ගෘහස්ත ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා වූ (GPOBA) අරමුදල් ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය, ගෝලීය ආහාර අර්බුදය සඳහා ප්‍රතිචාරාත්මක වැඩසටහන, දිරිසවිය ව්‍යාපෘතිය, කොළඹ අග නගරය ගංවතුරෙන් තොර වූ නාගරික පරිසරයක් ලෙස වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හා පාසල් අධ්‍යාපනය දැනුම කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියයි.


    මාර්ග අංශ සහය ව්‍යාපෘතිය, යළි පිබිදෙමු ව්‍යාපෘතිය, ඊ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍යයනය, පාසල් අධ්‍යාපනය දැනුම කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය, දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හා කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2011 සිට 2013 දක්වා වර්ෂවල ලෝක බැංකුවෙන් ණය ලබා ගත් බව ද ඔහු කීය.

    ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ණ ගැනීම විශිෂ්ට ක්‍රමය වේ. අවශ්‍යතා වැඩි නිසා දැන් මේ අය ලබා දෙන ණය ප්‍රමාණය සීමිතයි. ලෝක බැංකු අවධානය අප්‍රිකාව දෙසට යොමු වී තිබේ. ඉබෝලා මර්දනය සඳහා වැඩි මුදලක් වැය කරයි. ඌන සංවර්ධනයක් ඇති අප්‍රිකාවේ දුප්පත් රටවල් කෙරෙහි අවධානය යොමු කරමින් ලෝක බැංකුව ණය කපා හැරීමට ද පියවර ගෙන ඇත. ද්විපාර්ශවික සාකච්ඡා මඟින් වෙනත් ආයතන මඟින් ණය ලබා ගැනීමට කටයුතු කරන අතර දේශීය වශයෙන් මුදල් ඇති සංස්ථා, විවිධ ව්‍යාපෘති ආයතන සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දෙයි. අපේ බැංකුවලට මුදල් ඇති නිසා ඒවායිනුත් ණය ලබා දෙයි. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වසරින් වසර ණය ගැනීමේ ප්‍රතිශතය අඩු වී තිබේ. රටේ සංවර්ධන අවශ්‍යතා හා ණය ගැනීම සමබර කළ යුතුයි. ණය ගැනීම අඩු කරන්න කටයුතු කළත් සංවර්ධන ක්‍රියාදාමය අඩු කරන්නේ නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya