අති නවීන තාක්ෂණය මුසු වු සුවිශේෂි සේවාවන් රැසක් ත්‍රීකුණාමලය ජනතාවට ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද මෙම සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය සියලු පහසුකම්වලින් සමන්විත ව ඉදි කර ඇත.
නව ශාඛාවේ ප්‍රථම ගනුදෙනුකරුවන් තිදෙනාගේ මුදල් තැන්පතු භාරගැනීම ජනාධිපතිතුමා අතින් සිදු වු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදල් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
නව ශාඛාවෙන් පළමු පීපල්ස් ලීසිං සේවාව ලබාගත් ගණුදෙනුකරුවන් තිදෙනාට හිමි වාහනවල යතුරු ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍යවරුන් වන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB