මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනෝද්‍යානවලට ගොවීන් මුදා හැර ඇති ගවයන් ඉවත් කළ යුත්තේ විධිමත් ක්‍රම‍වේදයකින්

    ඔක්තෝබර් 29, 2014

    ලුණුගම්වෙහෙර, මාදුරු ඔය හා උඩවලව වනෝද්‍යාන තුළට අවට ගම්මානවල ගොවීන් විසින් මුදා හැර ඇති ගවයන් ඉවත් කළ යුත්තේ විධිමත් ක්‍රම‍වේදයක් යටතේ බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත් වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.


    මේ පිළිබඳ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවත් වන සතුන් වෙනුවෙන් රජ කාලෙන් පසු කුළු වැව හදන්න සල්ලි වෙන් කළ එක ම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    වනෝද්‍යාන තුළට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීම පිළිබඳ ව වනජීවී නිලධාරීන් දැනුවත් ව සිටී. මීට විසඳුම් ලෙස නීති මඟින් කටයුතු කිරීමටත් ගවයන් ඇතුළු නොකරන ලෙස අදාළ පුද්ගලයන්ට උපදෙස් ලබාදීමටත් පියවර ගෙන ඇත. ගවයන්ගේ පැමිණීම සීමා කිරීමට පියවරක් ලෙස වැටලීම් කිරීමට ද කටයුතු කෙරේ. ඉදිරියේදී ජාතික වනෝද්‍යාන තුළින් ගවයන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන අතර මේ පිළිබඳ කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ ද කතා කරන බව අමාත්‍යවරයා කීය.

    ගව හිමියන්ට ගවගාල් අහිමි වීම මෙයට හේතුවයි. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගවගාල් වනය තුළ තිබේ. ක්ෂණිකව එවැනි ගව පට්ටි ඉවත් කළ නොහැකියි. මේ ගවයන් ජාතික කිරි නිෂ්පාදනයට දායක කර ගන්න කටයුතු කරන බවත් කිරි ගොවීන් දහස් ගණනකගේ සතුන් මෙහි සිටිනවා. මේ සතුන් සඳහා තණබිම් ලබා දෙන්නේ නම් වැව් ටික වනජීවී දෙපාර්තමේන්තුවෙන් හදා දෙන බවත් මේ ගවයන් නිසා වන අලි සුපෝෂණයට ගැටලු ඇති වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya