මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට ලබාදෙන්නේ පිරිසිදු පානීය ජලය

    ඔක්තෝබර් 29, 2014

    මහනුවර මහ නගර සභාවෙන් ගොහාගොඩ ප්‍රදේශයට බැහැර කරන අපද්‍රව්‍ය නිසා මහනුවර ජල සම්පාදන මණ්ඩලයෙන් නිකුත් කරන ජලය දූෂිත නැති බවත් මෙහි ඇති ජල පොම්පාගාරයේ ජලය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණ සිදු කරන නිසා දූෂිත බවක් ඔප්පු වී නැති බවත් පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මහවැලි ගඟේ ජලය පොල්ගොල්ලේදී නැවතත් පරීක්ෂා කරන අතර එහිදී ද දූෂිත බවක් වාර්තා වී නැහැ. ඒ පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය විමසිල්ලෙන් පසු වේ. මේ ප්‍රදේශයේ කැලිකසළ සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ සඳහා මහනුවර මහ නගර සභාව පිරිවැය දරන්නේ නැහැ. අදාළ ආයෝජන ව්‍යාපෘතිය මඟින් කිලෝ වොට් 500ක විදුලි ජනනයක් උත්පාදනය කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya