මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තවදුරටත් රට පාලනය කළ යුතුයි

    ඔක්තෝබර් 29, 2014
    මේ රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තවදුරටත් මේ රට පාලනය කළයුතු බව මහා සංඝරත්නය පෙන්වා දෙති. 
     
    දශක තුනක ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ජනතාවට නිදහසත්, සංවර්ධනයත් උදා කර දුන්නේ ජනාධිපතිතුමා බව පෙන්වා දුන් උන්වහන්සේලා ඉදිරියට ද මේ රට ඒකීය රටක් ලෙස පවත්වාගෙන යමින් රට ගොඩනැඟිය හැක්කේ එතුමාට පමණක් බවද අවධාරණය කළහ.
     
    ඊයේ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා කන්තලේ අග‍්‍රබෝධි විහාරස්ථානය වෙතද ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කිරීමට එහි වැඩම කර සිටි ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මේ බව ප‍්‍රකාශ කළහ.
     
    එහිදි විශේෂ අනුශාසනාවන් සිදු කළ නීලපොළ, නීල රජමහා විහාරාධිපති පූජ්‍ය කරඳගොල්ලේ පඤ්ඤාසේන නායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ රට කුරිරු ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කිසිවෙකු අමතක නොකළ යුතු බවයි. 
     
    අද පුරසාරම් දොඩන කිසිදු නායකයෙකුට එදා ත‍්‍රස්තවාදයට මුහුණදීමට ශක්තිය නොතිබූ බවද මෙහිදී පෙන්වා දුන් උන්වහන්සේ ඇතැම් නායකයන් මේ රට ත‍්‍රස්තවාදයට පාවා දීමට සූදානම් වෙද්දි ජාතියේ පිනට පහළ වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට නිදහස උදාකර දුන් බවද සිහිපත් කළහ.
     
    දේශීය හා විදේශිය වශයෙන් ඉදිරියේදී රටට එල්ලවිය හැකි බලවේගද සුළු පටු නොවන බවද පෙන්වා දුන් උන්වහන්සේ මේ සියල්ලෙන් රටත් ජාතියක් ගලවාගත හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බවත් එතුමා සමඟ එක්වී උපන් මාතෘ භූමිය රැක ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවත් අවධාරණය කළහ. 
     
    ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට අද සුවිසල් සංවර්ධනයක් කරා ගෙන ගොස් ඇති බවත් කිසිදා අපේක්ෂා නොකළ සංවර්ධනයක් අද රටේ ජනතාව හිමි ව ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
     
    මහදිවුල්වැව, දෙවන පියවර, ඉන්ද්‍රාරාම විහාරාධිපති උතුරු නැගෙනහිර සම්මානනීය සංඝනායක පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නායක හිමිපාණන් වහන්සේ ද මෙහිදී අනුශාසනාවක් සිදු කළහ.
     
    මේ අතර කන්තලේ අග‍්‍රබෝධි රජ මහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය යටවර පඤ්ඤාරතන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය.
     
    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya