මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ලන්ද නාය යෑමේ ඛේදවාචකය සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    ඔක්තෝබර් 29, 2014

    බණ්ඩාරවෙල, කොස්ලන්ද ප්‍රදේශයේ සිදු වී ඇති නාය යෑමේ ඛේදවාචකය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවේදී නායයෑම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද? යන්න පිළිබඳ ව විමසන ලද අවස්ථාවේදීය.

    මේ සඳහා පොලිසිය හා යුද හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බව කී අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදුසු පියවර අරගෙන අදාළ පිරිස කඳවුරු වෙත කැඳවා ගෙන යාමට කටයුතු කර ඇති බව ද කීය.

    ජීවිත බේරා ගැනීමට හැකි පුද්ගලයන් මුදවා ගැනීමට ද කටයුතු කරමින් පවතී. මේ ප්‍රදේශයේ වතු පාලන අංශත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කරනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරුන් සාකච්ඡා කර අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. ඉදිරියේ නායයෑමේ ලක්ෂණ ඇති ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි පියවර ගැනීම සඳහා මේ අමාත්‍යාංශ හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කරමින් පවතින අතර මේ මඟින් නායයෑමේ ප්‍රතිශතය අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya