මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

    ඔක්තෝබර් 29, 2014
    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 52,000කට පිරිසිදු පානීය ජලය ලබාදෙන මුතූර් ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
     
    මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35ක් ආවරණය කරමින් මින් ජනතාවට ප්‍රතිලාභ සැලසෙයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3500ක් වැය කොට ඇත.
     
    මේ අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ 75,000ක් ජනතාවට පානීය ජලය ලබාදීමට තවත් ජල සම්පාදන ව්‍යාපෘති 04ක් ද ක්‍රියාත්මක කෙරේ.
     
    පවුල් 2350කට සෙත සැලසෙන මහදිවුල්වැව ජල ව්‍යාපෘතිය, පවුල් 16,500කට සෙත සැලසෙන ඊච්චලම්පත්තු ජල ව්‍යාපෘතිය, පවුල් 1650කට සෙත සැලසෙන නාමල්වත්ත ජල ව්‍යාපෘතිය සහ පවුල් 1400කට සෙත සැලසෙන නාච්චිචෝලෙයි ජල ව්‍යාපෘතිය, පවුල් 1100කට සෙත සැලසෙන කිලිවෙඩ්ඩි ජල ව්‍යාපෘතිය ඒ අතර වේ.
     
    ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමට එහි ගිය ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ ඉහළ ප්‍රතිචාරයකි. 
     
    තමන්ට දීර්ඝ කාලීන ගැටලුවන්ට පැවැති පිරිසිදු පානීය ජලය ලබාදීමට රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මෙහිදී ප්‍රසංසාවට ලක් කළ ඔව්හු තමන්ට ලබාදුන් සංවර්ධනය පිළිබඳ ව ද ජනාධිපතිතුමා වෙත සිය ප්‍රණාමය පුද කර සිටියහ.
     
    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්, නැගෙනහිර පළාත් සභාවේ සභාපති ආරියවතී ගලප්පත්ති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ආර්.ඩබ්. ප්‍රේමසිරි, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE MUUTHUR WATER PROJECT 1
     
     
    HE MUUTHUR WATER PROJECT 3
     
    HE MUUTHUR WATER PROJECT 4
     
    HE MUUTHUR WATER PROJECT 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya