මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 28, 2014

    සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කාර්යක්ෂම හා විධිමත් සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) ජනතා අයිතියට පැවරිණි.


    රුපියල් මිලියන 36ක වියදමින් සියලු පහසුකම්වලින් සමන්විත ව අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස මෙය ඉදිකර ඇත.

    මුතූර්හි තඹලගමුව ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් 03ට ම අයත් ජනතාව සාමූහික ව ජීවත් වෙති. එම සියලු ජනතාවගේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසමින් මේ නව ගොඩනැගිල්ල ලබා දී ඇත.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දූල් නජීඩ් මජීඩ්, තඹලගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.එස්. සුෆියාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya