මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්හිප්රා මුස්ලිම් විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 28, 2014

    තඹලගමුව අල්හිප්රා මුස්ලිම් විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) සිසු අයිතියට පැවරිණි.


     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම තාක්ෂණ විද්‍යාගාරය සමන්විත වේ.

    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    NDH/pmu_Pix By : Nishanka de Silva
     
    021
     
     
    031
     
    04
     
    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya