මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව සභාවට කැරට් ගෙන ඒම ආරක්ෂාවේ අඩුපාඩුවක්

    ඔක්තෝබර් 27, 2014

    විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අද (27) පාර්ලිමේන්තු  සභා ගර්භයට ගෙන ආ  කැරට් අල සභා ගර්භයෙන් ඉවත් කර, ඒවා සභාවට ගෙන ඒම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කතානායකවරයාට වාර්තාව ලබා දෙන ලෙස වේත්‍රධාරිවරයාට සභාවේ මුලසුනේ සිටි එජනිස පත් කළ මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා නියෝග කළේය.

     

    කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා 2015 අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක් ව සිටිය දී කැරට් අල සභාවට පෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා මුලසුනේ අවධානය යොමු කළේය.

     

    කැරට් අල සභාවට ගෙන ආවේ කොහාමද?. මේ විදියට බෝම්බයක් වුණත් ගෙන ආ හැකියි කී දිසානායක මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස මුලසුනෙන් ඉල්ලා සිටියේය.

     

    එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මට දේශීය වෛද්‍යවරයෙක් කැරට් කන ලෙස කීවා ඒ නිසයි මා කැරට් ගෙනාවේ. ජනාධිපතිතුමා අය-වැය ඉදිරිපත් කරමින් කැරට් ගෝනියක් ම ගෙනාවානේ යනුවෙන් කියා සිටියේය.

     

    එහිදී අදහස් දැක්වූ  පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්  මහතා ජනාධිපතිතුමා කැරට් 24 අය-වැයක් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya