මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක ස්ථාවරත්වය සඳහා රජයේ ස්ථාවරභාවයත් තිබිය යුතුයි

    ඔක්තෝබර් 23, 2014

    සාම්ප්‍රදායික ක්‍රමවේද මත ලෝකය දියුණු කළ නොහැකි බවත් රටක ස්ථාවරත්වය සඳහා රජයේ ස්ථාවරභාවයත් තිබිය යුතු බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

    අවුරුදු 25ක් තිස්සේ දැවැන්ත යුද්ධයකට පැටලුණු රටක් අපි. මේ නිසා මහජන අවශ්‍යතා දශක ගණනාවක් තිස්සේ ආපස්සට ගියා. කිසි ම ආණ්ඩුවකට ස්ථාවර ව වැඩක් කළ නොහැකි වුණා. අද අප රට දෙස අලුත් විදිහට බැලිය යුතුයි. රජයේ වැඩපිළිවෙළ නිසා සමාජයේ ඇති වූ වෙනස්කම් වෙනත් පැත්තකට දාන්න ඇතැමුන් හදනවා. එජාපයට බැරි වූ දෙයක් අපේ ජනාධිපතිතුමා කළා. ඒ රටට සාමය ගෙන ඒමයි. ඔවුන් සාමය ගැන කතා කරන්නේ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අද එජාපය කියන්නේ ඉදිරියේදී එයාලා ආවහම වරායවල්, පාරවල් හදන්නේ නැති බවයි. ආර්ථික දැක්ම ගැන අත්දැකීමක් ඔවුන්ට නැහැ. අත්දැකීම් ඇති අය පැත්තකට දාලා අත්දැකීම් නැති අය ළංකර ගත් විට ඔහොම වෙනවා. නමුත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෑතක දී පවසා ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කර, ඇති නැති පරතරය නැති කර තාක්ෂණයෙන් මෙරට ඉදිරියට ගොස් ඇති බවයි. අපේ ආර්ථිකය දැන් දිශාවකට ගමන් කරනවා. අපේ ඊළඟ දශකය තීන්දු වන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    වී නිෂ්පාදනය ඉහළ ගොස් ඇත. හොඳ ආහාර වේලක් ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කර තිබේ. දියුණු වෙනවා නම් හැම අංශයක් දෙස ම බැලිය යුතුයි. ඒ සඳහා හොඳ විද්‍යාඥයන් පිරිසක් බිහි කළ යුතුයි. හැම දෙනාට ම හොඳ ජීවන මට්ටමක් ගෙන එන්න කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya