මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගවයන් මස් පිණිස අලෙවි කර නෑ

    ඔක්තෝබර් 23, 2014

    ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය යටතේ ඇති වතුවල සිටි කිරි ගවයන් ව්‍යාජ ටෙන්ඩර් කැඳවා හෝ මස් පිණිස අලෙවි කර නැති බවත් ගවයන් අලෙවි කර ඇත්තේ අදාළ ක්‍රියාපටිපාටිය අනුව බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කිරි ගවයන් මසට විකුණන්නේ නැහැ. කිරි ගන්නේ නැති දෙනුන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය අයට ලබා දෙනු ඇති බවත් නියමිත පටිපාටිය අනුව සියලු කටයුතු සිදු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya