මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහයේ සියවස් සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 23, 2014

    ගාල්ල මහින්ද විදයාලයීය බාලදක්ෂ කණ්ඩායමට හා ගාලු දිසා බාලදක්ෂ සමූහයට සියවසක් පිරිනැමීම නිමිත්තෙන් සංවිධානය කරන ලද "ෆිගාමාක්ස් සෙන්චනරි" බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.


    දෙස් විදෙස් බාලදක්ෂ බාලදක්ෂිකාවෝ 1500ක් පමණ පිරිසක් මීට එක් ව සිටිති. මේ බාලදක්ෂ ජම්බෝරිය ඊයේ සිට දින 06ක් පුරා පැවැත්වේ.

    එහි සමාරම්භක උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ව බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගනු ලැබුවේ ජම්බෝරියේ ප්‍රධානී එන්.එස්. ද සිල්වා මහතා සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා විසිනි.

    සියවස් සමරුව නිමිත්තෙන් පළ කරන ලද සමරු ඵලකය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. සමරු මුද්දරය හා මුල්දින කවරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ තුන්වැනි පාසල හා දකුණු පළාතේ පළමු පාසල වන්නේ මහින්ද විද්‍යාලයයි. බාලදක්ෂයෙකු ලැබිය හැකි ඉහළ ම පදක්කම වන අතීතයේදී රැජන පදක්කම ද වර්තමානයේ ජනාධිපති පදක්කම ද ලැබූ වැඩි ම බාලදක්ෂයන් පිරිසක් බිහිකළ විද්‍යාල අතර මහින්ද විද්‍යාලයට හිමිවන්නේ ප්‍රමුඛත්වයකි.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍ය ගුණරත්න වීරකෝන්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මහත්ම මහත්මීහු මීට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    01

     

    02

    04

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya