මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ භාණ්ඩ අතුරුදහන් වීමේ සිද්ධියට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ

    ඔක්තෝබර් 21, 2014

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් සකස් කිරීම සඳහා යොදා ගනු ලබන ආරක්ෂිත කාඩ්පත් 11ක් හා මල්ටිමීඩියා යන්ත්‍ර දෙකක් 2013 දී අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ වරදකරුවන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    පත් කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා මේ බව කීය.

     

    නැති වූ මෙම භාණ්ඩ පිළිබඳ ව පොලිසිය මඟින් විමර්ශනයක් සිදු කරන අතර එය අසාර්ථක වුවහොත් විමර්ශන කටයුතු රහස් පොලීසියට භාරදීමට පියවර ගන්නා බව ද ගුණවර්ධන මහතා කීය. ඒ අනුව මෙහි වගකීම භාර අයගෙන් අලාභය අයකර ගැනීමට පියවර ගන්නා බවද මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇති නොවීමට අවශ්‍ය පියවර දෙපාර්තමේන්තුව දැනටමත් ගෙන ඇති බවද කීය.


    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya