මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය විදේශයකට විකුණන්නේ නෑ

    ඔක්තෝබර් 21, 2014

    ජාතික සම්පතක් බඳු නොරොච්චෝලේ ගල්අඟුරු තාප බලාගාරය චීනයට හෝ විදේශයකට විකිණීමට රජයේ කිසිදු අදහසක් නැති බව විදුලිබල හා බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

     

    එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තු‍වේ දී මේ බව පවසා සිටියාය.

     

    නොරොච්චෝලේ ගල්අඟුරු තාප බලාගාරය ආරම්භ කළ දින සිට මේ දක්වා 24 වාරයක් අක්‍රීය වූ බවත් එම අවස්ථාවන්හි දී එහි අලුත්වැඩියා කටයුතු සඳහා මිලියන 9.7ක මුදලක් වැය වූ බවත් අමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

     

    එම අක්‍රීයවීම්වලින් 16 වාරයක් අදාළ උපකරණවල වගකීම් කාලය තුළ සිදු වූ බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් කිසිදු වැය කිරීමක් සිදු නොකළ බවත් එම අවස්ථාවේදී ඇය අවධාරණය කළාය.

     

    එම තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් වැය වූ අතිරේක මුදල එකතු කළ විට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රු. 18ක් වැය වී ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.

     

    SDF/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya