පත් කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23-2 යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අවධාරණය කළේ දැනට ප්‍රදර්ශන පෝලිමේ තිබෙන සිනමාපට 38ට සාධාරණ ලෙස ප්‍රදර්ශන වාරයක් ලබා දීමට ගත් වැඩපිළිවෙළට එම චිත්‍රපටවල නිෂ්පාදකයන් එකඟ වූ බවයි.
මෙරටට රූපවාහිනි විකාශනය පැමිණීමත් 1983 කළු ජූලි කලබල වැනි කාරණා නිසා සිංහල සිනමාව අර්බුදයකට පත් වූවත් මේ වන විට එම තත්ත්වය මග හැරී තිබෙනවා. අද සිනමාපට නැරඹීමට සිනමා ශාලාවලට එන රසිකයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 4ක් උපයන ලද චිත්‍රපටයක් මේ දිනවල ප්‍රදර්ශනය වන බවද පෙන්වා දුන්නේය.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා; “චිත්‍රපට ඩිජිටල්කරණ ක්‍රියාවලියට අනුගතවීම සඳහා දැනටමත් අවශ්‍ය නීතිරීතීන් හා ක්‍රියාපටිපාටීන් මෙම අමාත්‍යංශය විසින් සකස් කොට ඇත. ඒ අනුව 1971/ අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 60 (1) සහ 60 (2) වගන්තිවලින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ 2014 පෙබරවාරි 18 වන දින සිට දේශීය චිත්‍රපට ප්රක්ෂේපණ ක්‍රමවේදය සඳහා පනත පරිදි රීතීන් ප්‍රකාශයට පත්කොට ඇත.
“ශ්‍රී ලංකා සිනමාශාලා තුළ චිත්‍රපට ප්රක්ෂේපණ මි.මී. 35 සහ 70 වෙනුවට හෝ ඊට විකල්ප වශයෙන් ඩිජිටල් ප්රක්ෂේපණ ක්‍රමය මත ප්රක්ෂේපණ භාවිත කරන අවස්ථාවලදී චිත්‍රපට ප්රක්ෂේපණය සඳහා දැනට භාවිත වන මි.මී. 35 සහ මි.මී. 70 සෙලියුලොයිඩ් ප්රක්ෂේපණ ක්‍රමයට සමාන වූ හෝ වඩා ඉහළ ප්‍රමිතියක් සහිත ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් ප්රක්ෂේපණය කරන ඩිජිටල් ප්රක්ෂේපණ ක්‍රමය සිනමා ශාලාවක ප්‍රදර්ශනය සඳහා භාවිත කිරීම සඳහා අවසර ලබා දෙනු ලැබේ.“
මේ යටතේ දේශීය සිනමාවේ චිත්‍රපට ප්රක්ෂේපණය සඳහා 2K තාක්ෂණය (2048x1080 pixel) යොදා ගැනීම සඳහා ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ උපදේශන කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර මේ සඳහා ඔබ විසින් සඳහන් කර ඇති HD තාක්ෂණය එනම් 1920x1080 තාක්ෂණය කිසිසේත් ම යොදා ගැනීමට අදාළ කමිටුව විසින් නිර්දේශ කර නොමැත. මෙය සිනමා ප්රතික්ෂේපණයට සුදුසු තාක්ෂණ ක්‍රමවේදයක් නොවන බවත් එය රූපවාහිනී විකාශය සඳහා උචිත ක්‍රමයක් බවත් අදාළ කමිටුව විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
ජනාධිපතිතුමා විසින් 2014. පෙබරවාරි 18 වන දින අරලිය ගහ මන්දිරය වෙත කලාකරුවන් කැඳවා මෙම 2K තාක්ෂණය යටතේ චිත්‍රපට ඩිජිටල්කරණය කිරීමේ දැනුම් දීම නිල වශයෙන් සිදු කරන ලද අතර ඒ අනුව කලාකරුවන්ට තම ඉදිරි ආයෝජන කටයුතු සඳහා දැනුවත් කිරීමක් මේ මඟින් සිදු කෙරිණ.
ශ්‍රී ලංකා සිනමාවට වසර 67ක් සැපිරීම හා අමාත්‍යවරයා විසින් ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන ලද බව දැනුම්දීම සිදුකරන ලද්දේ 2013 ජනවාරි 21 දින නො ව 2014 ජනවාරි මස 21 වන දිනය.
චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා අදාළ තාක්ෂණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිනමාශාලා හිමියන් සහ බෙදාහැරීමේ මණ්ඩල සමඟ දිගින් දිගට ම පවත්වන ලද සාකච්ඡාවලින් පසුව මේ සඳහා එකඟතාවන් ඇති කර ගෙන එකී මණ්ඩල ප්‍රධාන ධාරාවන් 03ක් යටතේ ක්‍රියාත්මක වීම මඟින් දිවයිනේ සියලු ම සිනමාශාලා ඩිජිටල්කරණය කිරීම සඳහා කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත. ඒ අනුව එම්.පී.අයි. මණ්ඩලය විසින් පාමංකඩ - ඊරෝස්, මාලිගාවත්ත - රූබී, ත්‍රිකුණාමලය - නෙල්සන්, කළුතර - නිව් මිනර්වා යන සිනමාශාලා දැනටමත් ඩිජිටල්කරණය කිරීමේ කටයුතු නිම කර ඇති බව දැනුම් දී ඇත.
සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ මෙම කමිටුව මඟින් ඩිජිටල්කරණය සඳහා වූ තාක්ෂණික පිරිවිතරයන් සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලදී. ඒ අනුව චිත්‍රපට සංස්ථා පනතේ ම අවශ්‍ය සංශෝධනයන් ඉටුකිරීම සඳහා වූ නීතිරීතීන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු සහ නීතිපති සමඟ සාකච්ඡා කොට ඇති අතර එකී පනතේ සංශෝධනයකින් තොර ව මෙම කටයුතු කිරීමේ හැකියාව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
දැනටමත් පෞද්ගලික අංශය මඟින් සිදු කරනු ලබන චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කර තිබෙන අතර ඒ අනුව යුක්තිසහගත හා සාධාරණ බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා සිදු කරන බවද දන්වමි."
SDF/HC