මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැය ජනතාව අතර ප‍්‍රතිලාභ බෙදා දෙන අය-වැයක්

    ඔක්තෝබර් 21, 2014
    මෙවර අය-වැය මැතිවරණ බලාගෙන ඉදිරිපත් කරන අය-වැයක් නොව ජනතාවට ප‍්‍රතිලාභ බෙදා දිය හැකි අයවැයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    මැතිවරණ ඉලක්ක කර ගනිමින් අය-වැය ඉදිරිපත් කර ජනතාව රැවටීමට තමා සුදානම් නැති බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නංවමින් රටේ අනාගතය වෙනුවෙන් වූ යෝජනා රැසක් මෙවර අය-වැයට ඇතුළත් බව ද කියා සිටියේ ය.
     
    වර්තමාන රජය බලයට පැමිණ 2005 වසරේ සිට සෑම අයවැයකදී ම රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දමා ඇති අතර ඊට අමතර ව විදුලිය, ගෑස්, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු සහන රැසක් සැලසීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පෙරේදා (19) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. 
     
    අද අපේ රට ලෝකයේ ආර්ථික වර්ධනයෙන් නැගී එන රටවල් අතර ප‍්‍රමූඛත්වයට පැමිණ ඇති බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රට සහ රජය ස්ථාවර තත්ත්වයෙන් පවත්වාගෙන යාමට වෘත්තීය සමිති ලබා දුන් සහය ඊට ඉවහල් වූ බව ද කියා සිටියේ ය. 
     
    රටේ සෑම ක්ෂේත‍්‍රයකින් ම ඉදිරියට යාමට අද රජය සමත් වී ඇති අතර ඒ සියල්ල අතර රටේ ආර්ථික වර්ධනය 7.5%ක මට්ටමක වසර තුනක් අඛණ්ඩව ම පවත්වාගෙන යාමට රජයට හැකියාව ලැබුණු බව ද සිහිපත් කළේය.
     
    පසුගිය අවුරුදු දහය තුළ රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණය නැවත ශක්තිමත් කිරීමට ද රජය විශාල වැඩකොටසක් ඉටු කර ඇත. අද ගැනට වඩා හෙට ගැන හිතමින් ඉදිරිපත් කළ මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් නොහිතූ අන්දමේ සංවර්ධනයක් රටට උදා කර දෙන්නට හැකි වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
     
    තමා එදා යාපනයට ගිය අවස්ථාවේ දුටු යාපනයත්, අද යාපනයත් අතර බොහෝ වෙනසක් සිදු ව ඇති බව ද පැවසූ ජනාධිපතිතුමා එහිදී ලැබූ ජනතා ප‍්‍රතිචාර තුළින් සංවර්ධනයට එම ජනතාව තුළ ඇති කැමැත්ත ප‍්‍රකාශ වූ බවද කියා සිටියේ ය. එදා තිබු වෛරය, ක්‍රෝධය වෙනුවට අද උතුරේ ජනතාව තුළ මහත් පිබිදීමක් දක්නට ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තමා දකුණට ගිය විට ලැබෙන ලෙන්ගතුකම අද උතුරේ ජනතාවගෙන් ද තමන්ට හිමි වන බව කියා සිටියේ ය. 
     
    වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය සමඟ අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්ත ව කටයුතු කිරීමට රජය සෑම විට ම කටයුතු කළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගෙවුණු කාලය රටේ කාර්මික ආරාවුල් අඩුවෙන් ම පැවති කාලය ලෙස හැඳින්විය හැකි බව ද කියා සිටියේය.
     

    2015 අය-වැයට අදාළ ව වෘත්තීය සමිති නියෝජිතයින් අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කළ අතර ඒවා කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya