මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකීය රටක් ජනතාවට උරුම කර දී තිබුණත් ඇතැමුන්ගේ රට බෙදන වැඩපිළිවෙළ තවමත් අවසන් වී නැහැ

    ඔක්තෝබර් 21, 2014
    තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කර බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ඒකීය රටක් ජනතාවට උරුම කර දී තිබුණත් ඇතැමුන්ගේ රට බෙදන වැඩපිළිවෙළ තවමත් අවසන් වී නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් පිටරට සිට ඊට සැලසුම් සකස් කරද්දී අපේ ම ඇතැමුන් පටු දේශපාලන අරමුණු උදෙසා ඔවුන්ට සහය දක්වමින් සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය. 
     
    නැවතත් රට ත‍්‍රස්තවාදයට පාවාදීමට ගෙන යන මෙම වැඩපිළිවෙළ පිළිබඳ ව සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 
     
    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ හෙද නිලධාරීන් හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ය.
     
    සෞඛ්‍ය කාර්යමණ්ඩලවල තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය සෑම පහසුකමක් ම පසුගිය කාලය තුළ රජය ලබා දුන් බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවයට කළ හැකි ලොකු ම සේවය ඉටුකළ යුගය මෙම යුගය බව ද පෙන්වා දුන්නේය. 
     
    නිල ඇඳුම් දීමනාව, අනතුරු දීමනාව, අතිකාල දීමනා මෙන් ම හෙද කවුන්සලය පිහිටුවීම ඇතුළු කි‍්‍රයාමාර්ග රැසක් ඊට ඇතුළත් බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    වත්මන් රජය යටතේ වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරීමට සිදු නොවූ බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගිය රජයනුත් වත්මන් රජයත් අතර ඇති වෙනස එය බවද කියා සිටියේය.
     
    විශිෂ්ට හෙද සේවාවක් - ගුණාත්මක මෙහෙවරක් 2006 - 2015 මැයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මඟින් මෙය සංවිධානය කර තිබුණි. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya