මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් බටහිර රටවල් රූකඩ නායකයන් පත් කර රටවල් අස්ථාවර කිරීමට කි‍්‍රයා කරනවා

    ඔක්තෝබර් 21, 2014
    ඇතැම් බටහිර රටවල් සිය යල් පැනගිය න්‍යායපත‍්‍රයන්ට අනුව රූකඩ නායකයන් බලයට පත්කරමින් රටවල් අස්ථාවර කිරීමට උත්සාහ දරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    මෙම බටහිර රටවල් ලෝකයේ සෙසු රටවල් සිය ශක්තියෙන් නැඟී සිටිනවා දැකීමට අකැමැති බවත් ඔවුන් ඉදිරියේ දණ නොනමන රාජ්‍යයන්වල නායකයන් ජාති බේද ඇති කරමින් විවිධ රැළි ඇති කරමින් ඉවත් කර සිය රූකඩ නායකයන් බලයට පත් කිරීමට උත්සහ දරන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    පසුගියදා අරලියගහ මන්දිරයේදී කෘෂි නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    මේ සැඟවුණු න්‍යායපත‍්‍ර සහිත රටවලට ලිබියාව හා ශී‍්‍ර ලංකාව අතර වෙනසක් නොපෙනෙන බවත් මොවුන්ගෙන් ප‍්‍රවේසම් වීමට ජනතාව වග බලා ගත යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ එල්.ටී.ටී.ඊ. පරාජය පිළිගැනීමට අකමැති වූ කොටස් අද ඉස්ලාමික් ත‍්‍රස්තවාදී ලේබලය අලවමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.
     
    යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට පෙර හා මත්ස්‍ය ආනයනය නතර කිරීමට තීරණය කිරීමට පෙර අපේ ඇතැම් නායකයන් යුරෝපයේ කොටි ඒජන්තයන් හමු වී ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    මෙම යුගය රටේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ හොඳ ම කාලය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඇතැම් නායකයන් කුඹුරු ඉඩම් ගොඩ කර ඒවායේ ගොඩනැගිලි තැනීමට යෝජනා කළ අයුරු සිහිපත් කළේය. ඇතැම් පරිපාලනයන් රටේ අවශ්‍යතාව වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම පමණක් එක ම විසඳුම ලෙස සිතා සිටි සමය එතුමා සිහිපත් කළේය. ඔවුන්ට විදේශවල සිටින තිරිඟු පිටි ගොවීන් පෝෂණය කිරීමට අවශ්‍ය වූ බවත් කිසි ම රජයකට දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමකින් තොර ව රටක් සංවර්ධනය කළ නොහැකි බවත් ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya