මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික ආහාර නිෂ්පාදන අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පොළඹවනවා

    ඔක්තෝබර් 20, 2014
    කාබනික ආහාර නිෂ්පාදන අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පෙළඹවීමත් කාබනික ආහාර යටතේ වැරදි කරන අයට දඬුවම් දීමේ හැකියාවත් ශ්‍රී ලංකා අපනයන පනත යටතේ නියෝග මඟින් හැකි වන බවත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාංශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අපනයන පනත යටතේ නියෝග, කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කරමිනි.
     
    ස්වාධීන ජාතික කාබනික ඒකකයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණයි. ආනයන හා අපනයන යන කරුණු දෙකේදී ම මෙය අපට වැදගත්. කාබනික ආහාර නිෂ්පාදන, ආනයනය, අපනයනය, බෙදාහැරීම මේ යටතේ යම් ක්‍රමවේදයකට නතු වෙනවා. මීට පෙර මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මෙම නියෝග ක්‍රියාත්මක කිරීමෙන් පසුව තත්ත්වයෙන් උසස් කාබනික ආහාර නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව අපට තිබෙනවා යැයි ඔහු කීය.
     
    ඒ වගේම පරීක්ෂණාගාර ලියාපදිංචි කිරීමත් මෙහිදී සිදු කෙරෙනවා. කාබනික ආහාර නිෂ්පාදනවලට සම්බන්ධ සියලු අය ලියාපදිංචි කර ඔවුන්ට බලපත්‍රයක් ලබා දෙනවා. කාබනික ආහාර සම්බන්ධයෙන් එක් ලාංඡනයක් ඇති කොට ඒ යටතේ කාබනික ආහාර නිෂ්පාදන අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පොළඹවනවා. ඒ වගේම යම් යම් වැරදි කරන අයට මේ පනත යටතේ දඬුවම් දීමේ හැකියාව ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya