මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයට මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවක් නැහැ

    ඔක්තෝබර් 20, 2014
    එජාපයට මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවක් නැති බවත් තමන් පරදින බව රනිල් වික්‍රමසිංහ මහතා පවා දන්නා බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.
     
    අද වන විට රට තුළ සාමය ගොඩ නැගී තිබෙනවා. යුරෝපා සංගමය පවා උත්සාහ කළේ ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීම නතර කිරීමටයි. ශ්‍රී ලංකාවේ මාළු මිලදී ගැනීම පවා නතර කිරීමට යුරෝපා සංගමය උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරවීමේ අවශ්‍යතාව ජාත්‍යන්තරයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටත් තිබෙනවා. මේ පරීක්ෂණයට සාර්ක් රටවල් මෙන් ම ලොව බොහොම රටවල් කැමැති නැහැ. ශ්‍රී ලංකාවට එරෙහිව කරන මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජය කළ යුතු යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya